අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුවට අදාළව වැරදිකරුවෙකු වූ රැඳවියෙකු වැලිකඩ බන්ධනාගාරය තුළ ගොඩනැගිල්ලකින් ඇදවැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවද සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




