WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ශෂී වීරවංශට එරෙහි නඩුව මැයි 25 දක්වා කල්යයි

I
Ishanka Jayasuriya
May 11, 2026 · 1 min read
156 viewsf𝕏W
ශෂී වීරවංශට එරෙහි නඩුව මැයි 25 දක්වා කල්යයි
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාවට අදාළව ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුව ලබන 25 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
නඩුව අද කැඳවූ අවස්ථාවේ ඇප මත මුදාහැර සිටින ශෂී වීරවංශ මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.
විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා අධිකරණයට දන්වා සිටියේ, නඩුවට අදාළ පරිගණක උත්පාදිත ලේඛන සම්බන්ධ පද්ධතිය පරීක්ෂා කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවයි.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය ස්ථාවරය මීළඟ නඩු දිනයේ දැනුම්දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
වැලිකඩ බන්ධනාගාරය තුළ රැඳවියෙකු ඇදවැටී මරුට
Next
උඩවලව ජලාශයෙන් දින දෙකකදී කිලෝ 35,000කට අධික මත්ස්‍ය අස්වැන්නක්

More in Breaking News