WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

උඩවලව ජලාශයෙන් දින දෙකකදී කිලෝ 35,000කට අධික මත්ස්‍ය අස්වැන්නක්

I
Ishanka Jayasuriya
May 11, 2026 · 1 min read
159 viewsf𝕏W
උඩවලව ජලාශයෙන් දින දෙකකදී කිලෝ 35,000කට අධික මත්ස්‍ය අස්වැන්නක්
උඩවලව ජලාශයෙන් පසුගිය මැයි 09 සහ 10 දෙදින තුළ පමණක් කිලෝග්‍රෑම් 35,000කට අධික මත්ස්‍ය අස්වැන්නක් ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පවසයි.
එම අස්වැන්නෙහි වටිනාකම රුපියල් එක්කෝටි නව ලක්ෂ නව දහස් තුන්සිය අනූ තුනක් ලෙස සඳහන් වේ.
බලන්ගොඩ ඇතුළු ඉහළ පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් වලවේ ගඟේ ජල මට්ටම ඉහළ යාම මෙම වාර්තාගත අස්වැන්නට ප්‍රධාන හේතුව වී ඇත.
ලබාගත් මත්ස්‍ය අස්වැන්න අතර කැට්ලා කිලෝග්‍රෑම් 27,030ක්, මිරිගාල් කිලෝග්‍රෑම් 7,430ක් සහ තිලාපියා කිලෝග්‍රෑම් 1,009ක් අඩංගු බවද එම අධිකාරිය සඳහන් කළේය.
මෙම අස්වැන්නෙන් ධීවර කාර්මිකයින් 313 දෙනෙකුට ඍජු ආර්ථික ප්‍රතිලාභ හිමිව ඇති අතර, තවත් පුද්ගලයින් 1,650කට පමණ වක්‍ර රැකියා අවස්ථා උදාවී තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ශෂී වීරවංශට එරෙහි නඩුව මැයි 25 දක්වා කල්යයි
Next
කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට එරෙහි Immunoglobulin නඩුව විභාගයට

More in Breaking News