WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට එරෙහි Immunoglobulin නඩුව විභාගයට

I
Ishanka Jayasuriya
May 11, 2026 · 1 min read
181 viewsf𝕏W
කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට එරෙහි Immunoglobulin නඩුව විභාගයට
ප්‍රමිතියෙන් තොර Immunoglobulin ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් පද්ධතියට සැපයීම, මිලදී ගැනීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව මේ දිනවල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාගයට ගැනේ.
රජයේ මුදල් අවභාවිත කිරීම, රජයට පාඩු සිදුකිරීම සහ ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ බෙදාහැරීම ඇතුළු චෝදනා රැසක් විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇත.
මෙම සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය ලේකම්වරයා සහ වෛද්‍ය සැපයුම් අංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුද විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.
අදාළ එන්නත් ලබාගත් රෝගීන්ට අසාත්මිකතා සහ විවිධ සංකූලතා ඇතිවූ බවට වාර්තා වීමෙන් අනතුරුව මෙම මහා පරිමාණ ඖෂධ වංචාව සම්බන්ධ විමර්ශන ආරම්භ කර තිබුණි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
උඩවලව ජලාශයෙන් දින දෙකකදී කිලෝ 35,000කට අධික මත්ස්‍ය අස්වැන්නක්
Next
බටුවත්තේ චාමර මෙහෙයවූ ඝාතන රැසක තොරතුරු හෙළිවෙයි

More in Breaking News