ගනේමුල්ල සංජීව ඝාතනයට භාවිත කළ බව කියන ගිනි අවිය ලබාදීම ඇතුළු අපරාධ රැසකට චෝදනා එල්ලව සිටින මනෝජ් සුරංග ලියනගේ නොහොත් බටුවත්තේ චාමර අසර්බයිජානයේ සිට මෙරටට රැගෙන විත් තිබේ.
දිගු කලක් ඩුබායිහි සැඟව සිටි ඔහු පසුගිය අප්‍රේල් 07 වනදා අසර්බයිජානයේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මගින් සැකකරු ශ්‍රී ලන්කන් ගුවන්සේවයට අයත් යූ.එල්.196 දරන ගුවන්යානයෙන් ඊයේ රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.
විමර්ශකයින් පවසන්නේ ගනේමුල්ල සංජීව ඝාතනය, තුසිත හල්ලොලුව වෙත ප්‍රහාරයක් එල්ල කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන්ද සැකකරුට චෝදනා එල්ලව ඇති බවයි.
සැකකරු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාල සමඟ සබඳතා පවත්වා ඇති බවටද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.




