WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ශ්‍රීලන්කන් අල්ලස් චෝදනා : මහින්ද අද අල්ලස් කොමිසම හමුවට

I
Ishanka Jayasuriya
May 12, 2026 · 1 min read
165 viewsf𝕏W
ශ්‍රීලන්කන් අල්ලස් චෝදනා : මහින්ද අද අල්ලස් කොමිසම හමුවට
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා අද (12) උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
එම සිද්ධියට අදාළව හිටපු ගුවන් සේවා අමාත්‍ය  පියංකර ජයරත්න   මහතාට ද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කළේ, අද උදෑසන 9ට මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බවය. එමෙන්ම නීතිමය කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමක් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර, ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී මියගිය කපිල චන්ද්‍රසේන මහතා ලබාදුන් පාපොච්චාරණයක් පදනම් කරගෙන මෙම කැඳවීම සිදුකර ඇති බවත්, එම පාපොච්චාරණය බලපෑම් සහ තර්ජන මත ලබාගත් එකක් බවට ඔහු අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මඟින් දැනුම්දී තිබූ බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කළේය.
එවැනි තත්ත්වයක් යටතේ එම පාපොච්චාරණය පදනම් කරගනිමින් සිදුකරන කැඳවීම නීතිවිරෝධී විය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
බටුවත්තේ චාමර මෙහෙයවූ ඝාතන රැසක තොරතුරු හෙළිවෙයි
Next
ගාල්ලේ ඩික්සන් මංසන්ධියේ වෙඩි තැබීමක්

More in Breaking News