WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

දෙනියාය පාසල් හෙට සිට යළි විවෘතයි

I
Ishanka Jayasuriya
May 12, 2026 · 1 min read
156 viewsf𝕏W
දෙනියාය පාසල් හෙට සිට යළි විවෘතයි
දෙනියාය අධ්‍යාපන කලාපයේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් තාවකාලිකව වසා දැමූ පාසල් හෙට (13) දිනයේ සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිශාන්ත පතිරණ මහතා සඳහන් කළේ, දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවය.
පාසල් ළමුන් අතර උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් 4ක් පසුගිය බ්‍රහස්පතින්දා සිට තාවකාලිකව වසා දමා තිබුණි.
සෞඛ්‍ය අංශ සඳහන් කළේ, එම පාසල්වල සිසුන් 56 දෙනෙකු පමණ උණ රෝගී තත්ත්වයට ගොදුරු වී සිටි බවය.
මේ වනවිට අදාළ පාසල්වල සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් සකස් කර ඇති අතර, ජලය භාවිතයේදී වැඩි අවධානයක් යොමුකරන ලෙසද උපදෙස් ලබාදී ඇති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ගාල්ලේ ඩික්සන් මංසන්ධියේ වෙඩි තැබීමක්
Next
මහින්ද අල්ලස් කොමිසමට පැමිණෙයි

More in Breaking News