WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මහින්ද අල්ලස් කොමිසමට පැමිණෙයි

I
Ishanka Jayasuriya
May 12, 2026 · 1 min read
171 viewsf𝕏W
මහින්ද අල්ලස් කොමිසමට පැමිණෙයි
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගෙන ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසම හමුවට පැමිණියේය.
අල්ලස් කොමිසම විසින් කළ දැනුම්දීමකට අනුව ඔහු එහි පෙනී සිටි බව වාර්තා වෙයි.
මෙම සිද්ධියට අදාළව හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන්ය.
මේ අතර, මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම අපේක්ෂාවෙන් පාක්ෂිකයින් පිරිසක් අල්ලස් කොමිසම පිහිටි ප්‍රදේශයේ රැඳී සිටින බව ද වාර්තා වේ.
එම ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති අතර, පොලීසිය සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද ආරක්ෂක රාජකාරි සඳහා කැඳවා තිබුණි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
දෙනියාය පාසල් හෙට සිට යළි විවෘතයි
Next
කපිල චන්ද්‍රසේනගේ ඇපයට කුලී ඇපකරුවන් ⁣සම්බන්ධ කරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

More in Breaking News