WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කපිල චන්ද්‍රසේනගේ ඇපයට කුලී ඇපකරුවන් ⁣සම්බන්ධ කරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
May 12, 2026 · 1 min read
155 viewsf𝕏W
කපිල චන්ද්‍රසේනගේ ඇපයට කුලී ඇපකරුවන් ⁣සම්බන්ධ  කරදුන්  පුද්ගලයෙකු අත්අඩංගුවට
කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා සම්බන්ධීකරණය කළ බව කියන 76 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් රුපියල් මිලියන 100ක ශරීර ඇප සඳහා ඉදිරිපත් වූ පුද්ගලයින් දෙදෙනා ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ලහිරු සිල්වා  මහතා පසුගිය 06 වැනිදා නියෝග කර තිබුණි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ අලුත්කඩේ උසාවි සංකීර්ණය ආසන්නයේ සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නමැති සැකකරුවන් දෙදෙනාය.
අධිකරණය විසින් කපිල චන්ද්‍රසේන මහතාට රුපියල් ලක්ෂ සියයක ශරීර ඇප තුනක් නියම කර තිබූ අතර, එම ඇපවලින් දෙකක් සඳහා මෙම සැකකරුවන් ඉදිරිපත් වී තිබුණි.
 කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ අංශය අධිකරණයට දැනුම් දී ඇත්තේ, සැකකරුවන් කපිල චන්ද්‍රසේන මහතා සමඟ කිසිදු පෞද්ගලික සම්බන්ධතාවයක් නොමැතිව රුපියල් 15,000ක මුදලක් ලබාගෙන ඇපකරුවන් ලෙස ඉදිරිපත් වී ඇති බවය.
“දේවා” සහ “තිස්ස” නමැති පුද්ගලයින් දෙදෙනෙකුගේ ඉල්ලීම මත මෙම මුදල ලබාගත් බව සැකකරුවන් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.
ඇප පනතේ විධිවිධාන අනුව අවශ්‍ය අවස්ථාවකදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට මෙම ඇපකරුවන්ට හැකියාවක් නොමැති බවත්, සැකකරු සහ ඇපකරුවන් අතර සම්බන්ධතාවක් නොමැති බවත් අධිකරණ නිලධාරීන්ට සැක සිතී තිබූ බව පොලිසිය සඳහන් කළේය.
ඒ අනුව සිදුකළ පැමිණිල්ලකට අනුව ඔවුන් ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතික පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබූ බව අධිකරණයේදී අනාවරණය විය.

Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මහින්ද අල්ලස් කොමිසමට පැමිණෙයි
Next
මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිෂන් සභාවෙන් පිටව යයි

More in Breaking News