WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

තායිලන්ත මත්ද්‍රව්‍ය ජාවාරමට අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23 යළි රිමාන්ඩ්

I
Ishanka Jayasuriya
May 12, 2026 · 1 min read
159 viewsf𝕏W
තායිලන්ත මත්ද්‍රව්‍ය ජාවාරමට අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23 යළි රිමාන්ඩ්
 තායිලන්තයේ සිට “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ආ බවට චෝදනා එල්ල වී සිටින චීවරධාරීන් 23දෙනා එළඹෙන 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට Negombo Magistrate's Court අද (12) නියෝග කළේය.
මෙම සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ නියෝගය ලබාදී තිබුණි.
පසුගිය අප්‍රේල් 25 වැනිදා තායිලන්තයේ සංචාරයක නිරත වී මෙරටට පැමිණි චීවරධාරීන් 22දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ හිදී අත්අඩංගුවට පත්වූයේ ඔවුන් රැගෙන ආ ගමන් මලුවල තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සොයාගැනීමත් සමඟය.
පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී “අමිතානන්ද” නමැති චීවරධාරියෙකු විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබුණි.
එම චීවරධාරියා පසුව ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අනුව සැකකරුවන් 23දෙනාම යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ගාල්ලෙ විදෙස් ජාතිකයින් 23 දෙනෙකු අත්අඩංගුවට
Next
පියංකර අල්ලස් කොමිසමෙන් පිටව යයි

More in Breaking News