එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර එම කොමිසමෙන් පිටව ගොස් තිබේ.
ඔහු පැය හතරකට ආසන්න කාලයක් කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදී ඇති බව වාර්තා වෙයි.
එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොමිසම විසින් කළ කැඳවීමකට අනුව ඔහු අද පෙරවරුවේ කොමිසම වෙත පැමිණ තිබුණි.
අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඔහු මෙලෙස පිටව ගොස් ඇති බව සඳහන්ය.




