ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් 2010 සිට 2015 දක්වා කාලය තුළ කොළඹ කොටස් වෙළදපොළ තුළ සිදුවූ බවට චෝදනා එල්ල වන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
ඒ අනුව, සර්වජන බලය නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද (12) පෙරවරුවේ කොමිසම වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව වාර්තා වෙයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ කොටස් වෙළෙඳපොළේ සිදුවූ බව කියන වංචා සහ අක්‍රමිකතා පිළිබඳව මෙහිදී ප්‍රශ්න කිරීමට නියමිත බව සඳහන්ය.
මේ අතර, ඉදිරි දින කිහිපයේදී තවත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සිව්දෙනෙකු ද ප්‍රකාශ ලබාදීම සඳහා SEC හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
ඒ අනුව නිමල් පෙරේරා,රෙනො ද සිල්ව, අශෝක් පතිරගෙ සහ තරංග තෝරදෙණිය යන මහත්වරුන්ට ද කැඳවීම් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.




