WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කපිලගේ ජංගම දුරකථනය විවෘත කිරීමට අධිකරණයට ඉල්ලීමක්

I
Ishanka Jayasuriya
May 12, 2026 · 2 min read
229 viewsf𝕏W
කපිලගේ ජංගම දුරකථනය විවෘත කිරීමට අධිකරණයට ඉල්ලීමක්
අබිරහස් ලෙස මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ හිදී මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ පැවැත්වුණි.
මෙහිදී විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාස  නිලධාරීන් විසින් විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කර ඇති අතර, වැඩිදුර වාර්තාවක් සමඟ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ ඇමුණුම් දෙකක්ද ඉදිරිපත් කර තිබේ.
මරණකරුගේ ශරීරයෙන් ලබාගත් රුධිර සාම්පල් දෙකක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට අවසර ලබාදෙන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ඒ සඳහා අධිකරණය අවසර ලබාදී ඇත.
එමෙන්ම මරණකරුගේ ජංගම දුරකථනය මුහුණු හඳුනාගැනීමේ ආරක්ෂක ක්‍රමවේදයකින් සුරක්ෂිත කර තිබීම හේතුවෙන් එය විවෘත කිරීමට අපහසු වී ඇති බවත්, එම නිසා අදාළ දුරකථනය නිෂ්පාදක සමාගමට හෝ සුදුසු ආයතනයකට යොමු කිරීමට නියෝග නිකුත් කරන ලෙසත් පොලීසිය ඉල්ලීමක් කර තිබේ.
සිද්ධිය වූ ස්ථානයේ තිබී සොයාගත් ගෙල බැඳි පටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවත්, තවත් ඖෂධ වර්ග සහ හඳුනා නොගත් පෙති කිහිපයක් පිළිබඳවද විමර්ශන සිදුකරන බවත් අධිකරණයේදී අනාවරණය විය.
මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් එම ඖෂධ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබේදැයි විමසා ඇති අතර, ඒවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍ය මණ්ඩලයට භාරදී ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඉන් අනතුරුව එම ඖෂධද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ.
මේ අතර, විමර්ශනවලට අදාළව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා  මහතා සහ ඔහුගේ බිරිඳගේ සාක්ෂිද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සටහන් කරගෙන ඇත.
අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි සටහන් කිරීම ලබන 14 වැනිදා දක්වා කල් තබා තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කොටස් අක්‍රමිකතා විමර්ශනයට දිලිත් SEC හමුවට කැඳවයි
Next
කපිලගේ මරණය ගැන අරවින්ද ද සිල්වාගෙන් සහ ඔහුගෙ බිරිඳගෙන් අධිකරණයට ප්‍රකාශ

More in Breaking News