සැකසහිත ලෙස මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ අද (12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී තිබේ.
කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි ලබාදෙමින් අරවින්ද ද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ, “මම එළියට ඇවිල්ලා දවසයි, ආයෙත් මෙයාලා මාව ඇතුළට දාන්න හදනවා” යනුවෙන් කපිල චන්ද්‍රසේන මහතා තමන්ට පැවසූ බවය.
සැකසහිත ලෙස මියගිය කපිල චන්ද්‍රසේන මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අවදානම සම්බන්ධයෙන් දැඩි මානසික පීඩනයකින් පසුවූ බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ
ඇප ලබා නිදහස්ව පැමිණි දිනයේදී කපිල චන්ද්‍රසේන මහතා තම නිවසට පැමිණි බවත්, ඔහුට එදින රාත්‍රියේ නිවසේ කාමරයක් සූදානම් කර දුන් බවත් අරවින්ද ද සිල්වා මහතාගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක මහත්මියද අධිකරණයේදී සාක්ෂි ලබාදී තිබුණි.
ඇය සඳහන් කළේ, පසුදා උදෑසන නීතිඥවරයෙකු නිවසට පැමිණීමෙන් පසු කපිල චන්ද්‍රසේන මහතාට කිහිප වතාවක් ඇමතුම් ලබාදුන්නද ප්‍රතිචාර නොලැබුණු බවය.ඒ අනුව “Master Key” භාවිතයෙන් කාමරයේ දොර විවෘත කළ බවත්, “මම Lock එක ඇරියාට ඉස්සෙල්ලාම ඇතුළට ගියේ Lawyer. මම එක අඩියයි දොරෙන් ඇතුළට තිබ්බේ. ඇඳේ කවුරුත් හිටියේ නැහැ. කාමරේ තිබුණ පුටුව බාත් රූම් එක පැත්තට හරවලා තිබුණා. Lawyer කිව්වා අපි එළියට යමු කියලා” යනුවෙන් ඇය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.
මෙම මරණයට අදාළ වැඩිදුර සාක්ෂි විමසීම ලබන 14 වැනිදා යළි පැවැත්වීමට නියමිතය




