ඩයිනසෝරයන් සහ පක්ෂීන් අතර සම්බන්ධතාවය තහවුරු කළ විශේෂ පොසිලයක් 1996 වසරේදී චීනයෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම පොසිලය පිහාටු සහිත ඩයිනසෝරයෙකුගේ ලොව ප්‍රථම ස්ථිර සාක්ෂිය ලෙස සැලකෙන අතර, එය ඩයිනසෝරයන් පිළිබඳ පැවති විද්‍යාත්මක මතයන් විශාල ලෙස වෙනස් කිරීමට හේතු වී තිබේ.
ඊට පෙර, පක්ෂීන් ඩයිනසෝරයන්ගෙන් පරිණාමය වූ බවට ඇතැම් පාෂාණධාතු විද්‍යාඥයන් අදහස් පළ කළද, ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොතිබීම හේතුවෙන් එය මතභේදාත්මක කරුණක්ව පැවති බව සඳහන්.
ප්‍රකට කැනේඩියානු පාෂාණධාතු විද්‍යාඥ Philip Currie මෙම පොසිලය පරීක්ෂා කළ මුල්ම විද්‍යාඥයන්ගෙන් එක් අයෙකු වන අතර, ඔහු පෙන්වා දෙන්නේ මෙම සොයාගැනීම විද්‍යා ලෝකයේ දැඩි අවධානයට ලක්වූ සිදුවීමක් බවයි.
ඔහුගේ අදහස අනුව, මෙම පොසිලය හමුවීමත් සමඟ ඩයිනසෝරයන්ට පිහාටු තිබූ බවට වූ මතය තවත් ශක්තිමත් වී තිබේ.




