කාර්යබහුල ජීවිතයක් අතරේඅපි බොහෝ වෙලාවට අමතක කරන්නේ අපිවම රැකගන්න එකයි.රැකියාව, වගකීම්, අධ්‍යයනය, අදහස් ගොන්නක් අතර හිරවෙලා හදවතට නිහඬ විවේකයක් දෙන්නත්අපිට අමතක වෙනවා. ඒත් Self care කියන්නේ අමතර වෙලාවක් තියෙන දවසක කරන සුඛෝපභෝගී දෙයක් නෙවෙයි.
ඒක ඔබේ ජීවිතයට අනිවාර්යයෙන්ම අවශ්‍ය
සැලකිල්ලක්.
සන්සුන් උදෑසනක්
උදේ අවදි වූ වහාම දුරකථනය අතට ගන්න කලින් මිනිත්තු කිහිපයක් ඔබේ හුස්මට සවන් දෙන්න. සන්සුන්ව ඉඳගෙන
ඔබේ දවස ගැන හිතන්න. ඒ පුංචි නිහඬකම
මුළු දවසම මෘදු කරයි. වතුර වීදුරුවකින්
ඔබේ දවස ආරම්භ කරන්න.
ශරීරයට ආදරයෙන්
ඔබේ ශරීරයට ආදරයෙන් සලකන්න.
කාර්යබහුල බව නිසා ආහාර මඟ හරින්න එපා. ඔබේ ශක්තිය රඳා පවතින්නේ
ඔබ ඔබව පෝෂණය කරන හැටි මතයි.
විවේකයත් අවශ්‍යයි
හැම වෙලාවෙම ශක්තිමත් වෙන්න ඕනෙ කියලා ඔබටම බලකරන්න එපා.
විවේක ගැනීම අලසකමක් නෙවෙයි.
මිනිත්තු කිහිපයක් නිහඬව ඇස් වසාගෙන ඉන්න එකත් ඔබේ හිතට අලුත් හුස්මක්.
දුරකථනයෙන් ටිකක් ඈත් වෙන්න
සමාජ මාධ්‍ය අතරේ ඔබේ මනස නැති කරගන්න එපා. ඇතැම් වෙලාවට දුරකථනයෙන් ඈත් වෙලා ඔබත් එක්කම ඉන්න. ඒ නිහඬකම ඔබේ හිත සුවපත් කරයි.
Self care කියන්නේ දිගු ලැයිස්තුවක් නෙවෙයි. මුහුණ සේදීම, හිසකෙස් පීරීම,
ඔබ කැමති සුවඳක් භාවිතා කිරීම,
කෙටි ඇවිදීමක් යාම… මේ පුංචි දේවල් තුළත්
ඔබව ආදරෙන් රැකගැනීම තියෙනවා.
පුංචි දේවල් වල සතුට
ඔබ වෙනුවෙන්ම දවසට එක දෙයක් කරන්න.කෝපි කෝප්පයක් එක්ක
නිහඬව ඉන්න.ප්‍රියතම ගීතයක් අහන්න.
පේළි කිහිපයක් ලියන්න.ඒ මොහොත
ඔබටම ඔබව මතක් කරයි.
ඔබේ සාමය වටිනවා
“නැහැ” කියන්න ඉගෙන ගන්න.
හැම කෙනෙක්ටම ඔබේ ශක්තිය අයිති නැහැ. ඔබේ සාමය හැමදේටම වඩා වටිනවා.
මෘදු රාත්‍රියක්
රාත්‍රියේ ඔබේ දවස මෘදු ලෙස අවසන් කරන්න. අඳුරු ආලෝකයක් යට
උණුසුම් පානයක් එක්ක ඔබේ හිත නිහඬ කරගන්න.
“අද මම ප්‍රමාණවත්.”
“අද මගේ උත්සාහය ඇති.”
කියලා ඔබටම කියන්න.
මොකද Self care කියන්නේඔබ වෙනුවෙන්
ලෝකය නවත්වන එක නෙවෙයි.ලෝකය කොච්චර කාර්යබහුල වුණත් ඔබව අමතක නොකරන එකයි.




