ගැඹුරු පීඩන අවපාතයක බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් ලැබී ඇති අතර, ගත වූ පැය 22 තුළ වැඩිම වැසි ප්‍රමාණය ලෙස කැස්බෑවෙන් මි.මී 204ක් වාර්තා වී තිබේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වේයන්ගොඩට මි.මී 145.5ක්, ගිලිමලේට මි.මී 121ක්, වතුපිටිවලට මි.මී 105.5ක්, බණ්ඩාරගමට මි.මී 102.5ක් සහ හොරණට මි.මී 101.5ක වර්ෂාපතනයක් ලැබී ඇති බවය.
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරුමැද පළාත් සමඟ ත්‍රිකුණාමලය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබේ.
අද දිනය තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මි.මී 200 ඉක්මවන ඉතා තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ අංශ අනතුරු අඟවයි.




