WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ප්‍රදේශ රැසකට නායයාම් අනතුරු ඇඟවීම්

I
Ishanka Jayasuriya
May 13, 2026 · 1 min read
162 viewsf𝕏W
ප්‍රදේශ රැසකට නායයාම් අනතුරු ඇඟවීම්
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් යාවත්කාලීන කර තිබේ.
අද පෙරවරු 9.00 සිට හෙට පෙරවරු 9.00 දක්වා බලපැවැත්වෙන මෙම නිවේදනය අනුව දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසකට ඇම්බර් සහ කහ මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ඇම්බර් මට්ටමේ “අවදානයෙන් සිටින්න” අනතුරු ඇඟවීම් බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශ සඳහා නිකුත් කර තිබේ.
එමෙන්ම “විමසිලිමත් වන්න” යන කහ මට්ටමේ අනතුරු ඇඟවීම් බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට බලපැවැත්වේ.
ජනතාවට නායයාම්, පස්කඳු කඩා වැටීම්, ගල් පෙරළීම් සහ පොළොව ගිලා බැසීම් පිළිබඳ දැඩි අවධානයෙන් සිටින ලෙස ද එම සංවිධානය දැනුම් දෙයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
දික්වැල්ලේ පාසල් බස් රථයක් හා ලංගම බස් රථයක් ගැටෙයි
Next
ට්‍රම්ප් අද චීනයට

More in Breaking News