WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ට්‍රම්ප් අද චීනයට

I
Ishanka Jayasuriya
May 13, 2026 · 1 min read
156 viewsf𝕏W
ට්‍රම්ප් අද චීනයට
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) දෙදින නිල සංචාරයක් සඳහා චීනය වෙත පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දශකයකට ආසන්න කාලයකට පසු අමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ සිදුකරන පළමු නිල සංචාරය මෙය වන අතර, ලොව විශාලතම ආර්ථික බලවතුන් දෙදෙනා අතර සබඳතාවල තීරණාත්මක අවස්ථාවක් ලෙස මෙය සැලකේ.
ට්‍රම්ප් සහ ෂී ජින්පින් අවසන් වරට හමුවී තිබුණේ 2025 ඔක්තෝම්බර් මාසයේ දකුණු කොරියාවේ බුසාන් නගරයේ පැවති ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවේදීය.
2025 ජනවාරි 20 වනදා දෙවන ජනාධිපති ධුර කාලය ආරම්භ කිරීමෙන් අනතුරුව ට්‍රම්ප්ගේ පළමු චීන සංචාරයද මෙය වෙයි.
විදෙස් වාර්තා අනුව, ඉරානයට එරෙහි අමෙරිකානු – ඊශ්‍රායල් ක්‍රියාමාර්ග සහ ගෝලීය තෙල් වෙළඳපොළ අර්බුදය ඇතුළු කරුණු පිළිබඳ මෙහිදී දෙපාර්ශ්වය අතර විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ප්‍රදේශ රැසකට නායයාම් අනතුරු ඇඟවීම්
Next
එප්පාවල පාසලක සිසුන් පස්දෙනෙකුට තියුණු ආයුධයකින් පහරදීමක්

More in Breaking News