එප්පාවල නගරයේ පිහිටි ප්‍රධාන රජයේ පාසලක අද (13) උදෑසන සිසුවෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් සිසුන් පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
තුවාල ලැබූවන් සියලුදෙනා එම පාසලේ 12 වැනි ශ්‍රේණියේ උසස් පෙළ තාක්ෂණ අංශයේ සිසුන් බව පොලීසිය සඳහන් කළේය.
ප්‍රහාරය එල්ල කළ බව කියන සිසුවාද එම පාසලේම 12 වැනි ශ්‍රේණියේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන අයෙකි.
පොලීසිය අනාවරණය කළේ, මීට දින කිහිපයකට පෙර ඇතිවූ ගැටුමකට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය සිදුකර ඇති බවය.
එක් සිසුවෙකුට පහරදීම වැළැක්වීමට උත්සාහ කළ තවත් සිසුන් සිව්දෙනෙකුද මෙහිදී තුවාල ලබා තිබේ.
සැකකාර සිසුවා, භාවිත කළ තියුණු ආයුධය සමඟ එප්පාවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, තුවාල ලැබූ සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.




