පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක ජනතාව පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අද (13) පස්වරු 10.00ට නිකුත් කළ නිවේදනයට අනුව, පවුල් 62කට අයත් පුද්ගලයින් 203 දෙනෙකු ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්ව ඇති අතර, පුද්ගලයින් 17 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටියි.
එමෙන්ම නිවාස 39ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බව ද වාර්තා වෙයි.
මේ අතර, මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරලේපත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් එක් ආපදා මරණයක් ද වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.




