මියගිය කපිල චන්ද්‍රසේනට ඇප තැබීම සඳහා ඉදිරිපත් වූ බව කියන ව්‍යාජ ඇපකරුවන් දෙදෙනා සහ ඔවුන් හඳුන්වාදුන් පුද්ගලයා ලබන 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ සැකකරුවන් ලෙස මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉර්ෂාන් සහ ආරිය තිස්ස ද සිල්වා යන අය නම් කර ඇත.
කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ, සැකකරුවන් විසින් ඇප ලබාදීම සඳහා භාවිත කළ ග්‍රාමසේවා සහතික සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇති බවය.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පළමු සහ දෙවන සැකකරුවන් විසින් පදිංචිය තහවුරු කිරීම සඳහා ග්‍රාමසේවා සහතික රැසක් ලබාගෙන ඇති අතර, ඔවුන් කපිල චන්ද්‍රසේනගේ ඥාතීන් නොවන බවයි.
එමෙන්ම මෙම ක්‍රියාවලිය දිගුකාලයක් තිස්සේ සිදුකර ඇති බවටද පොලීසිය සැක පළ කර තිබේ.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ, ඔවුන්ට එරෙහිව නිශ්චිත චෝදනා වගන්ති ඉදිරිපත් කර නොමැති බැවින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීතිවිරෝධී බවය.
කෙසේවෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.




