WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ශ්‍රී ලංකා රේගුව රු. ට්‍රිලියන 1ක ආදායම් සීමාව ඉක්මවයි

I
Ishanka Jayasuriya
May 13, 2026 · 1 min read
170 viewsf𝕏W
ශ්‍රී ලංකා රේගුව රු. ට්‍රිලියන 1ක ආදායම් සීමාව ඉක්මවයි
2026 වසර සඳහා ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලියේදී රුපියල් ට්‍රිලියනයක සුවිශේෂී සන්ධිස්ථානය ඊයේ (12) දිනයේදී පසු කළ බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
වසරේ මැද භාගයටත් පෙර මෙවැනි දැවැන්ත ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට හැකිවීම රේගු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම ආදායම් ඉලක්කය සපුරා ගැනීමෙන් රජයේ ආදායම් ඉලක්ක ඉටු කිරීමට රේගුව දක්වන දායකත්වය තවදුරටත් තහවුරු වන බවද වාර්තා වේ.
ඉදිරි කාලය තුළ මෙම ආදායම් වර්ධනය තවදුරටත් ඉදිරියට ගෙන යාම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා රේගුව නිවේදනය කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කපිල චන්ද්‍රසේනට ඇප තැබූ ව්‍යාජ ඇපකරුවන් යළි රක්ෂිතයට
Next
කටුනායකදී ලක්ෂ 48ක විදේශීය දුම්වැටි සමඟ ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට

More in Breaking News