WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කටුනායකදී ලක්ෂ 48ක විදේශීය දුම්වැටි සමඟ ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
May 13, 2026 · 1 min read
198 viewsf𝕏W
කටුනායකදී ලක්ෂ 48ක විදේශීය දුම්වැටි සමඟ ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් හතලිස් අට ලක්ෂයක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ.
අද (13) අලුයම සාජා සිට එයාර් ඇරේබියා ගුවන් සේවයට අයත් යානයකින් පැමිණි මෙම පුද්ගලයා, “Green Channel” හරහා කිසිවක් ප්‍රකාශ නොකර පිටව යාමට උත්සාහ කර ඇති බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කම්කරුවෙකි.
ඔහු රැගෙන ආ ගමන් මලු තුන තුළ තිබී “Manchester” සහ “Platinum” වර්ගයේ දුම්වැටි 32,000ක් අඩංගු කාටූන් 160ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ශ්‍රී ලංකා රේගුව රු. ට්‍රිලියන 1ක ආදායම් සීමාව ඉක්මවයි
Next
අනුර ප්‍රියදර්ශන යාපාට එරෙහි නඩුව ජූනි 19ට කල්යයි

More in Breaking News