අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව පවරා ඇති මූල්‍ය වංචා නඩුව ලබන ජූනි මස 19 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (13) නියෝග කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
2014 දෙසැම්බර් 26 සිට 2015 ජනවාරි 26 දක්වා කාලය තුළ ගංවතුර ආධාර ලබාදෙන බව පවසමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 61 ලක්ෂයකට අධික මුදලක් සාවද්‍ය ලෙස වැය කර මූල්‍ය වංචාවක් සිදුකළ බවට නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අධිකරණය නඩුව වැඩිදුර විභාගය සඳහා ජූනි 19 වනදා යළි කැඳවීමට තීරණය කළේය.




