WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking News

රෝහල් රැසකට අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර 16ක්

I
Ishanka Jayasuriya
May 13, 2026 · 1 min read
185 viewsf𝕏W
රෝහල් රැසකට අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර 16ක්
මෙරට ප්‍රධාන රෝහල් පද්ධතිය සඳහා අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර 16ක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
Nalinda Jayatissa මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 3,103ක මුදලක් වැය කිරීමට නියමිතය.
කොළඹ, මහනුවර සහ ගාල්ල ජාතික රෝහල්වලට මෙන්ම මඩකළපුව, රත්නපුර, බදුල්ල, යාපනය, කලුබෝවිල, අනුරාධපුර, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය ඇතුළු රෝහල් රැසකට මෙම යන්ත්‍ර ස්ථාපිත කෙරේ.
ආසියානු සංවර්ධන බැංකුව සහ ජයිකා ආධාර යටතේ ද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, නව යන්ත්‍ර 16 එකතු වීමත් සමඟ රජයේ රෝහල්වල හෘද කැතීටකරණ යන්ත්‍ර සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ යනු ඇත.
මෙමඟින් හෘද රෝගීන් සඳහා කාර්යක්ෂම ප්‍රතිකාර සේවා, පැය 24 පුරා හෘද සත්කාර පහසුකම් සහ පොරොත්තු ලේඛන අවම කිරීමේ හැකියාව වර්ධනය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අනුර ප්‍රියදර්ශන යාපාට එරෙහි නඩුව ජූනි 19ට කල්යයි
Next
ශානි අබේසේකරට නියෝජ්‍ය පොලිස්පති තනතුරට නිර්දේශයක්

More in Breaking News