WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ශානි අබේසේකරට නියෝජ්‍ය පොලිස්පති තනතුරට නිර්දේශයක්

I
Ishanka Jayasuriya
May 13, 2026 · 1 min read
182 viewsf𝕏W
ශානි අබේසේකරට නියෝජ්‍ය පොලිස්පති තනතුරට නිර්දේශයක්
ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය නියෝග කර තිබේ.
ඒ අනුව අද (13) මෙම තීන්දුව ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
2026 අගෝස්තු 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම ලබාදී ඇති අතර, වැඩ තහනමට ලක් වූ දිනයේ සිට මේ දක්වා ඔහුට අහිමි වූ සියලු හිඟ වැටුප් සහ දීමනා ගෙවීමටද නියෝග කර තිබේ.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ කීර්තිමත් නිලධාරියෙකු ලෙස සැලකෙන ශානි අබේසේකර මහතා, මෑත ඉතිහාසයේ සිදුවූ සංකීර්ණ අපරාධ පරීක්ෂණ රැසක් මෙහෙයවූ දක්ෂ පරීක්ෂණ නිලධාරියෙකු ලෙස ප්‍රසිද්ධියට පත්විය.
2020 වසරේ ජූලි මාසයේදී ඔහු අත්අඩංගුවට ගෙන මාස 11ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබූ අතර, පසුව අභියාචනාධිකරණය විසින් ඇප මත මුදා හැරුණි.
2024 වසරේදී යළි සේවයට එක්වූ ඔහු, අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබුණි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
රෝහල් රැසකට අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර 16ක්
Next
‘ගම්පහ ඔස්මන්ඩ්’ අත්අඩංගුවට

More in Breaking News