WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

‘ගම්පහ ඔස්මන්ඩ්’ අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
May 14, 2026 · 1 min read
265 viewsf𝕏W
‘ගම්පහ ඔස්මන්ඩ්’ අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දීම සහ ගිනි අවි සැපයීමේ චෝදනා මත ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් “ගම්පහ ඔස්මන්ඩ්” කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (13) රාත්‍රියේ ගම්පහ ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවය. ඔහු 69 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තා වේ.
2025 පෙබරවාරි 19 වනදා කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී, නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ “ගණේමුල්ල සංජීව” වෙත වෙඩි තබා ඝාතනය කර තිබුණි.
එම සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව සිදුකළ විමර්ශනවලදී, විදේශගත සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කර ඇති බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
අපරාධය සඳහා අවශ්‍ය ගිනි අවි සැපයීමෙන් සැකකරු සෘජුවම සහාය ලබාදී ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී විදේශීය නිෂ්පාදිත රීපීටර් වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොම් 10ක් සහ පතරොම් ගැබ් දෙකක්ද පොලීසිය භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ශානි අබේසේකරට නියෝජ්‍ය පොලිස්පති තනතුරට නිර්දේශයක්
Next
ට්‍රම්ප් – ෂී සාකච්ඡා අද බෙයිජිංහිදී

More in Breaking News