ලොව අවධානය දිනාගත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බෙයිජිං නුවර පිහිටි Great Hall of the People මන්දිරයේදී අද ආරම්භ වී තිබේ.
මෙම තීරණාත්මක හමුව සඳහා විශාල මාධ්‍ය පිරිසක් සහ දැඩි ආරක්ෂක විධිවිධාන යොදවා ඇති අතර, ජනාධිපති ට්‍රම්ප් ඇතුළු අමෙරිකානු දූත පිරිස ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේ අසුන්ගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීන රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ, අමෙරිකානු පාර්ශ්වයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුද මෙම සාකච්ඡාවට එක්ව සිටින බවය.
ඒ අනුව,
Marco Rubio – රාජ්‍ය ලේකම්
Pete Hegseth – ආරක්ෂක ලේකම්
Jamieson Greer – අමෙරිකානු වෙළඳ නියෝජිත
Scott Bessent – මහා භාණ්ඩාගාර ලේකම්
යන නිලධාරීන් ද අමෙරිකානු දූත පිරිසට එක්ව සිටිති.
කෙසේ වෙතත්, චීන පාර්ශ්වයෙන් සාකච්ඡාවට එක්වන නිලධාරීන්ගේ නාමලේඛනය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.
දෙරට අතර වෙළෙඳ සබඳතා, ආරක්ෂක ගැටලු සහ කලාපීය දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ප්‍රධාන අවධානය යොමුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.




