WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

යෝෂිත තමන්“නිවැරදිකරු” බව අධිකරණයේදී ප්‍රකාශ කරයි

I
Ishanka Jayasuriya
May 14, 2026 · 1 min read
174 viewsf𝕏W
යෝෂිත තමන්“නිවැරදිකරු” බව අධිකරණයේදී ප්‍රකාශ කරයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ  මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ එක් චෝදනාවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාව කොළඹ මහ අධිකරණය විසින් අද (14) ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම තීන්දුව ලබාදුන්නේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේස් රණතුංග මහතා විසිනි.
විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, විත්තිකරුට එරෙහි “කුමන්ත්‍රණය” සම්බන්ධ චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාව පදනම් විරහිත බවය.
ඒ අනුව, අදාළ චෝදනාව ඉදිරියට පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නොමැති බවද අධිකරණය ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව විත්තිකරු වන යෝෂිත රාජපක්ෂ මහතාට විවෘත අධිකරණයේදී චෝදනා පත්‍ර කියවාදීම සිදුකර ඇති අතර, එම සියලු චෝදනාවලට තමන් නිවැරදිකරු බව ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
ඒ සමඟ නඩු විභාගය ආරම්භ වී ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ට්‍රම්ප් – ෂී සාකච්ඡා අද බෙයිජිංහිදී
Next
‘ගම්පහ ඔස්මන්ඩ්’ පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

More in Breaking News