සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර සහ අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් “ගම්පහ ඔස්මන්ඩ්” පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය රැඳවුම් නියෝගයක් ලබාගෙන තිබේ.
මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේය.
සැකකරු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ගණේමුල්ල සංජීව ඝාතන සැලසුමට සම්බන්ධව ආධාර ලබාදීම සහ අනුබල දීම සම්බන්ධයෙන් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් ක්‍රියාත්මක කර ඇත.




