රුපියල් ලක්ෂ 98කට අධික මූල්‍ය වංචාවකට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පාලකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අද (14) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු අද (14) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය.




