WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

CEB සේවකයන් 1,898කට රු. බිලියන 8.5ක වන්දි

I
Ishanka Jayasuriya
May 15, 2026 · 1 min read
200 viewsf𝕏W
CEB සේවකයන් 1,898කට රු. බිලියන 8.5ක වන්දි
ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට එක්වූ සේවකයන් 1,898 දෙනෙකුට අද (15) මූල්‍ය වන්දි ලබාදීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
අඛණ්ඩ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සඳහා රුපියල් බිලියන 8.5ක මුදලක් වෙන්කර ඇති බවද වාර්තා වේ.
“අභිමානවත් සේවාවක් – ආරක්ෂිත අවසානයක්” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම වන්දි ප්‍රදාන වැඩසටහන මඟින් දිගු කාලයක් ආයතනයේ සේවය කළ නිලධාරීන්ගේ දායකත්වය ඇගයීමට කටයුතු කරන බව අමාත්‍යාංශය පවසයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
NIE හිටපු අධ්‍යක්ෂකට වසර 6ක සිරදඬුවමක්
Next
අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරන්නැයි විජෙයිගෙන් ඉල්ලීමක්

More in Breaking News