WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරන්නැයි විජෙයිගෙන් ඉල්ලීමක්

I
Ishanka Jayasuriya
May 15, 2026 · 1 min read
210 viewsf𝕏W
අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරන්නැයි විජෙයිගෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 6 දෙනා සහ ඔවුන්ගේ ධීවර යාත්‍රාව ඉක්මනින් නිදහස් කර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් කරන ලෙස තමිල්නාඩු මහ ඇමති C. ජෝෂප් විජෙයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය S. ජෙයිශංකර් වෙත ලිපියක් යොමු කර තිබේ.
තමිල්නාඩු රජය නිකුත් කළ නිවේදනයකට අනුව, රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ මන්ඩපම් ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් ජාත්‍යන්තර සමුද්‍රීය සීමාව උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මැයි 10 වනදා මුහුදු ගිය මෙම ධීවරයින් සහ ඔවුන් ගමන් කළ බෝට්ටුව ශ්‍රී ලංකා බලධාරීන් භාරයට ගෙන ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.
අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කර ගැනීම සඳහා පවතින සියලු රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමතිවරයා ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත.
එමෙන්ම, ශ්‍රී ලංකා බන්ධනාගාරවල මේ වනවිට ඉන්දීය ධීවරයින් 54 දෙනෙකු රඳවා සිටින අතර, ධීවර යාත්‍රා 264ක් ද ශ්‍රී ලංකා බලධාරීන් භාරයේ ඇති බව ඔහුගේ ලිපියේ දැක්වේ.
මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර දිගින් දිගටම මතුවන ගැටලුවක් ලෙස පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
CEB සේවකයන් 1,898කට රු. බිලියන 8.5ක වන්දි
Next
අධික වැසි හේතුවෙන් හැටන් පාසල් අද වැසේ

More in World