WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අධික වැසි හේතුවෙන් හැටන් පාසල් අද වැසේ

I
Ishanka Jayasuriya
May 15, 2026 · 1 min read
207 viewsf𝕏W
අධික වැසි හේතුවෙන් හැටන් පාසල් අද වැසේ
පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ අධික වර්ෂාව හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් සඳහා අද (15) විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් අනුව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද දින සිසුන් සහ ගුරුවරුන් පාසල් වෙත කැඳවීමෙන් වළකින ලෙස සියලුම විදුහල්පතිවරුන්ට දැනුම්දී ඇත.
තවද, නුවරඑළිය අධ්‍යාපන කලාපයේ පාසල් සඳහාද අවශ්‍යතාවය අනුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ උපදෙස් මත සුදුසු තීරණ ගන්නා බව සඳහන් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරන්නැයි විජෙයිගෙන් ඉල්ලීමක්
Next
චීනය අමෙරිකානු තෙල් මිලදී ගැනීමට එකඟ වෙයි

More in Breaking News