චීනය විසින් අමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීමට එකඟතාව පළකර ඇති බව අමෙරිකානු ජනාධිපති Donald Trump ප්‍රකාශ කර තිබේ.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (14) බීජිං නුවරදී චීන ජනාධිපති Xi Jinping සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එම සාකච්ඡාවලදී බලශක්ති සහ වෙළෙඳ සහයෝගිතාව පිළිබඳ විශේෂ අවධානයක් යොමුවී ඇති අතර, අමෙරිකානු තෙල් ආනයනය කිරීම සම්බන්ධයෙන් චීනය ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බව ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත.




