පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක නිවාස 88ක් අර්ධ හානියට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ වැඩිම හානි වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර, එහි නිවාස 40ක් අර්ධ හානියට ලක්ව ඇති බවය.
මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයෙන් නිවාස 25ක්, රත්නපුරයෙන් 9ක්, ගාල්ල සහ කොළඹ දිස්ත්‍රික්කවලින් නිවාස 5 බැගින් සහ මොනරාගල දිස්ත්‍රික්කයෙන් නිවාස 4ක් අර්ධ හානියට පත්ව තිබේ.
අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 29කට අයත් පුද්ගලයින් 104 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක රඳවා සිටින බවද වැඩිදුරටත් සඳහන් වේ.




