ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් සේවාවක් වන PayPal හරහා ශ්‍රී ලංකාවට සෘජුවම මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක කර තිබේ.
මෙම පහසුකම සමඟ අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ නිදහස් වෘත්තිකයන්ට තම ගෙවීම් සෘජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබා ගැනීමට හැකියාව හිමි වේ.
මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා Central Bank of Sri Lanka, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ PayPal India එක්ව කටයුතු කර ඇති බව සඳහන්ය.
එමෙන්ම සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ ලංකා බැංකුව යන බැංකු මෙම වැඩපිළිවෙළ සඳහා සම්බන්ධ වී තිබේ.
ශ්‍රී ලංකාවේ බැංකුවකින් නිකුත් කළ Debit හෝ Credit කාඩ්පතක් PayPal ගිණුමට සම්බන්ධ කර ගෙවීම් ලබා ගැනීමට හැකි අතර, විදේශයන්හි සිට ශ්‍රී ලංකාවේ PayPal ගිණුම් වෙත මුදල් යැවීමේ හැකියාවද මින් ඉදිරියට ලැබෙනු ඇත.




