WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ආරච්චිකට්ටුව හිටපු සභාපතිට වසර 5½ක සිරදඬුවමක්

I
Ishanka Jayasuriya
May 15, 2026 · 1 min read
210 viewsf𝕏W
ආරච්චිකට්ටුව හිටපු සභාපතිට වසර 5½ක සිරදඬුවමක්
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධියකට වරදකරු වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට  ට වසර 5 1/2ක සිරදඬුවමක් නියම කර තිබේ.
අද (15) හලාවත මහධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති බව වාර්තා වේ.
එමෙන්ම පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසද අධිකරණය නියෝග කර ඇති අතර, එම මුදල නොගෙවන්නේ නම් අමතර මාස 24ක සිරදඬුවමක්ද නියම කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.
කෙසේවෙතත්, සනත් නිශාන්ත මහතා 2024 ජනවාරි 25 වනදා කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මියයාම හේතුවෙන්, අද නඩුවේ විත්තිකරුවෙකු ලෙස අධිකරණය හමුවේ පෙනී සිටියේ ඔහුගේ සොහොයුරා පමණි.
සාක්ෂි සහ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
PayPal හරහා ශ්‍රී ලංකාවට සෘජු මුදල් ගෙන්වීම අද සිට
Next
ශ්‍රී ලංකාව – බෙලරුස් සෞඛ්‍ය ගිවිසුමකට අත්සන්

More in Breaking News