WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ශ්‍රී ලංකාව – බෙලරුස් සෞඛ්‍ය ගිවිසුමකට අත්සන්

I
Ishanka Jayasuriya
May 15, 2026 · 1 min read
214 viewsf𝕏W
ශ්‍රී ලංකාව – බෙලරුස් සෞඛ්‍ය ගිවිසුමකට අත්සන්
ශ්‍රී ලංකාව සහ බෙලරූස්  අතර සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කටයුතු කළ බව විජිත හේරත්  පවසයි.
මෙම ගිවිසුම වෛද්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ පර්යේෂණ ක්ෂේත්‍රයන්හි දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් බව ඔහු සඳහන් කර ඇත.
බෙලරුස් සංචාරයක නිරත විජිත හේරත් මහතා, එරට සෞඛ්‍ය අමාත්‍ය ඇලෙක්සැන්ඩර් කඡායෙව් හමුවී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.
එමෙන්ම ඔහු බෙලරූස් රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ  නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති අතර, විටෙබ්ස්ක්, ග්‍රොඩ්නෝ සහ ගොමෙල් වෛද්‍ය විශ්වවිද්‍යාල නියෝජිතයින් සමඟද සාකච්ඡා පවත්වා ඇත.
දැනට ශ්‍රී ලාංකික සිසුන් 3,000කට අධික පිරිසක් බෙලරුස්හි වෛද්‍ය අධ්‍යාපනය ලබන බවත්, එය දෙරට අතර පවතින ශක්තිමත් අධ්‍යාපනික සබඳතා පිළිබිඹු කරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ආරච්චිකට්ටුව හිටපු සභාපතිට වසර 5½ක සිරදඬුවමක්
Next
“රටම එකට” මෙහෙයුමෙන් 176,000කට අධික පිරිසක් අත්අඩංගුවට

More in Breaking News