නිව්ස්
“රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කළ පසුගිය වසරේ ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 176,269 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (14) දක්වා සිදුකළ මෙහෙයුම්වලදී හෙරෝයින් කිලෝග්‍රෑම් 1941යි ග්‍රෑම් 248ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2003යි ග්‍රෑම් 512ක් සහ කුෂ් කිලෝග්‍රෑම් 436යි ග්‍රෑම් 235ක් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය තොග පොලිස් භාරයට ගෙන තිබේ.
එමෙන්ම සැකකරුවන් 325 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, තවත් 2820 දෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
අදාළ මෙහෙයුම් යටතේ සැකකරුවන් 2050 දෙනෙකු පුනරුත්ථාපන වැඩසටහන් සඳහා යොමුකර ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.




