WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ චීවරධාරීන්ට උපැවිදි වන්නැයි ඉල්ලීමක්

I
Ishanka Jayasuriya
May 15, 2026 · 1 min read
214 viewsf𝕏W
මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ චීවරධාරීන්ට උපැවිදි වන්නැයි ඉල්ලීමක්
තායිලන්තයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින චීවරධාරීන් 23 දෙනාට කැමැත්තෙන් සිවුරු අත්හරින ලෙස ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් ඉල්ලීමක් කර තිබේ.
මෙම අදහස් පළකර ඇත්තේ පූජ්‍ය මැදගම ධම්මානන්ද  ස්වාමීන්වහන්සේ   විසින් අද (15) පැවති ආගමික උත්සවයකදීය.
වෙල්ලස්ස, බින්තැන්න සහ නැගෙනහිර තෙපලාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය මහඔය ජිනරතන ස්වාමීන්වහන්සේ   පිළිගැනීම සඳහා සංවිධානය කළ පිංකමකදී මෙම ප්‍රකාශය සිදුකර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ, අදාළ චීවරධාරීන් නිර්දෝෂී බව ඔප්පු වුවහොත් යළි පැවිදි කිරීම සඳහා අවසර ලබාදෙන බවද දැනුම්දුන් බවය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
රු. මිලියන 108ක කොකේන් තොගයක් සමඟ විදේශිකයෙක් කටුනායකදී අත්අඩංගුවට
Next
මහ බැංකුවෙන් මාර්ගගත පැමිණිලි පද්ධතියක්

More in Breaking News