WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මහ බැංකුවෙන් මාර්ගගත පැමිණිලි පද්ධතියක්

I
Ishanka Jayasuriya
May 16, 2026 · 1 min read
194 viewsf𝕏W
මහ බැංකුවෙන් මාර්ගගත පැමිණිලි පද්ධතියක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරන මූල්‍ය සේවා සපයන්නන් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට ඇති පැමිණිලි සහ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා නව මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී තිබේ.
මෙම පද්ධතිය හරහා මූල්‍ය පාරිභෝගිකයින්ට පැය 24 පුරාම තම පැමිණිලි පහසුවෙන් මාර්ගගතව යොමු කිරීමට මෙන්ම ඒවායේ ප්‍රගතිය සහ වත්මන් තත්ත්වයද නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබේ.
මහ බැංකුව පවසන්නේ, පැමිණිලි කළමනාකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව, වගවීම සහ විනිවිදභාවය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවයි.
කෙසේවෙතත්, මුල් අවස්ථාවේදී පාරිභෝගිකයන් සිය ගැටලු අදාළ මූල්‍ය ආයතනය වෙතම යොමු කළ යුතු අතර, එහිදී සාධාරණ විසඳුමක් නොලැබුණහොත් පමණක් මහ බැංකුව වෙත මෙම පද්ධතිය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද දැනුම් දී ඇත.
මෙම මාර්ගගත පද්ධතියට reachus.cbsl.lk⁠� ඔස්සේ පිවිසිය හැක.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ චීවරධාරීන්ට උපැවිදි වන්නැයි ඉල්ලීමක්
Next
වනවාසල–හුණුපිටිය අතර දුම්රියක් පීලි පැනීමකින් අනතුරක්

More in Breaking News