WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ආනයනික වාහන සඳහා යළි 50%ක රේගු අධිභාරයක්

I
Ishanka Jayasuriya
May 16, 2026 · 1 min read
176 viewsf𝕏W
ආනයනික වාහන සඳහා යළි 50%ක රේගු අධිභාරයක්
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත සියයට 50ක අධිභාරයක් යළි අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක  මහතාගේ අත්සනින් නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනයකට අනුව, අද (16) සිට මාස තුනක කාලයක් සඳහා මෙම අධිභාරය ක්‍රියාත්මක වන බව සඳහන්ය.
කෙසේ වෙතත්, මැයි 15 දින හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර ඇති වාහන සඳහා මෙම නව සියයට 50ක අධිභාරය බල නොපාන බවද දැනුම් දී ඇත.
මීට පෙර මුදල් අමාත්‍යාංශය විසින් මෙම අධිභාරය පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට ඉවත් කිරීමට තීරණය කර තිබූ අතර, පසුව එය අද සිට යළි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීරයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙක් මරුට
Next
ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් හයදෙනෙක් මරුට

More in Breaking News