බේරූට්හි හි මුරපොලක් ඉලක්ක කරමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය පුද්ගලයින් අතර වෛද්‍යවරුන් තිදෙනෙකුද සිටින බව සඳහන් වේ.
දින 45ක සටන් විරාමයකට එකඟ වී ඇති අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වී තිබීම විශේෂත්වයක් ලෙස සැලකේ.
මේ අතර, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පැවති අස්ථාවර සටන් විරාමය දීර්ඝ කිරීමට දෙපාර්ශවය එකඟ වූ බවයි.
එම එකඟතාවය වොෂින්ටනයේදී පැවති දෙදින සාකච්ඡාවලින් අනතුරුව ඇතිවී තිබෙන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.




