WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කොංගෝවේ ඉබෝලා වෛරසය පැතිරෙයි

I
Ishanka Jayasuriya
May 16, 2026 · 1 min read
186 viewsf𝕏W
කොංගෝවේ ඉබෝලා වෛරසය පැතිරෙයි
කොංගො රාජ්‍ය   තුළ ඉබෝලා වෛරස් ආසාදනයක් වේගයෙන් පැතිර යමින් පවතින බව අප්‍රිකානු සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට සැකකටයුතු රෝගීන් 246 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති අතර, ඉන් පුද්ගලයින් 65 සිට 80 දක්වා සංඛ්‍යාවක් මියගොස් ඇති බව සඳහන් වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙවර පැතිර යන්නේ Bundibugyo ebolavirus ප්‍රභේදය වන අතර, ඒ සඳහා මෙතෙක් නිල වශයෙන් අනුමත කළ එන්නතක් නොමැති බවද වාර්තා වෙයි.
අධික උණ, ඇඟපත වේදනාව, වමනය, පාචනය සහ ශරීරයෙන් ලේ ගැලීම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ ලෙස හඳුනාගෙන තිබේ.
රෝගය උගන්ඩා වැනි අසල්වැසි රටවලටද පැතිර යාමේ අවදානමක් පවතින බැවින්, සෞඛ්‍ය අංශ මේ වනවිට දැඩි පාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් සිටින බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ගාල්ල නීතිඥ විරෝධතාව සිද්ධියට පොලිස් නිලධාරීන් අධිකරණයේ සමාව අයදී
Next
චීන සංචාරය සාර්ථකයි – ට්‍රම්ප් කියයි

More in Breaking News