ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ සිය චීන සංචාරය සාර්ථක සහ ජයග්‍රහණ රැසක් හිමිවූ සංචාරයක් බවයි.
දෙදින නිල සංචාරයක් සඳහා පසුගිය 13 වැනිදා චීනය වෙත ළඟා වූ අමෙරිකානු ජනාධිපතිවරයා, සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව නැවත ධවල මන්දිරය වෙත පැමිණීමේදී මෙම අදහස් පළ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සංචාරය තුළදී චීන ජනාධිපතිවරයා වෙත ට්‍රම්ප් විසින් උණුසුම් ප්‍රකාශ රැසක්ද සිදුකර ඇති බවයි.
මැද පෙරදිග යුද්ධය සම්බන්ධයෙන් පවතින සටන් විරාම කාලය අතරතුර මෙම සංචාරය ලෝකයේ අවධානය දිනාගත් අතර, යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාව සහ චීනය වැදගත් භූමිකාවක් ඉටු කළ හැකි බව දේශපාලන විචාරකයින් පෙන්වා දී ඇත.
මේ අතර ඊශ්‍රායල් සහ ලෙබනනය අතර පවතින සටන් විරාමය දින 45කින් දීර්ඝ කළ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, මාර්තු 2 වැනිදා සිට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 2,951 දක්වා ඉහළ ගොස් ඇති බවයි.




