අද අලුයම වනවාසල ප්‍රදේශයේ සිදුවූ දුම්රිය පීලි පැනීමේ ස්ථානයේ දුම්රිය මාර්ගයේ ඇණ ඉවත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පෑලියගොඩ පොලීසිය සඳහන් කළේ මෙම සැකකරු මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවයි.
පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දුම්රිය මාර්ගයෙන් ඉවත් කළ ඇණ වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කර ඇත්තේ මෙම සැකකරු බවටයි.
සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහාද විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.




