WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

නායයාම් අනතුරු ඇඟවීම් හෙට දක්වා දීර්ඝ කෙරේ

I
Ishanka Jayasuriya
May 16, 2026 · 1 min read
220 viewsf𝕏W
 නායයාම් අනතුරු ඇඟවීම් හෙට දක්වා දීර්ඝ කෙරේ
පවතින අධික වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීම් හෙට (17) පස්වරු 4 දක්වා දීර්ඝ කර තිබේ.
ඒ අනුව කොළඹ, කළුතර, මහනුවර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
සීතාවක, අගලවත්ත, හොරණ, මතුගම, දොළුව, යටිනුවර, පස්බාගේ කෝරළය, නාරම්මල, අලව්ව, කලවාන, පැල්මඩුල්ල සහ රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයක් සඳහා වැඩි අවදානම් තත්ත්වයක් පවතින බව එම ආයතනය සඳහන් කරයි.
එමෙන්ම බදුල්ල, ගාල්ල, ගම්පහ, කෑගල්ල, මාතලේ, මාතර, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට පළමු මට්ටමේ නායයාම් අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබේ.
අධික වැසි පවතින අවස්ථාවලදී කඳු බෑවුම් ආසන්නයේ ජීවත්වන ජනතාව වැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ගම්පහ ඔස්මන්ඩ්’ දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර
Next
ලෝක චෙස් සම්මේලන සභාපති දිවයිනට

More in Breaking News