පොදුරාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතා තරගාවලියේ සමාරම්භක උත්සවයට එක්වීම සඳහා ලෝක චෙස් සම්මේලනයේ සභාපතිවරයා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මෙම තරගාවලිය අද (16) සිට මැයි 26 දක්වා වස්කඩුව ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතය. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 14ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 550කට ආසන්න පිරිසක් ඊට සහභාගී වීමට නියමිත බව සඳහන් වේ.
රුසියාවේ මොස්කව් නුවර සිට පැමිණි සභාපතිවරයා ඊයේ උදෑසන කටුනායක ගුවන්තොටුපළ වෙත ළඟා වී ඇති අතර, ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ නිලධාරීන් විසින් ඔහුව පිළිගෙන තිබේ.




